අන්දර යායේ වැව් තාවල්ලේ

Andara yaye

“දොළේ දියයි මට කෙතේ නිලයි ගහ වැලේ මලයි මට අප්පච්චී” යනුවෙන් දරුවෙකුගේ හදතුල තම පියානන් කෙරෙහි නැගෙන අසීමිත ආදරය කුමාර ලියනගේ නම් ගීත රචකයා විසින් පද පෙළට අමුණා ගීතය රචනා කර ඇත.

අන්දර යායේ වැව් තාවල්ලේ
සක්මන් කරනා අප්පච්චී
දොළේ දියයි මට කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට අප්පච්චී

අන්දර යායත් වැව් තාවල්ලත් දෙකම කටුකය. කාෂ්ඨක අව්ව වැටෙන වැව් තාවල්ලද කටු සහිත ශාක වන අන්දර යාය නම් කටුක ජීවිත ගමනක ඇවිද යන පියා තම දරුවන්ගේ සුඛවිහරණය හා තම දරුවන් ජීවත් කරවීම සදහා ගන්නා අපිරිමිත උත්සාහය දන්නා දරුවෙකු ගේ හදේ නැගෙන පීතෘදාරක සිතුවිලි මේ ගීතය ඔස්සේ මනාවට ගලපා අකුරු කර ඇත.

වලාකුළේ දා බිඳු තවරා
මහ පොළොවට මහ වැසි ගෙනෙනා
දිවි ගමනේ ඉම කඳු මුදුනේ ඉඳ
පුතු සෙනෙහේ කඳුළැලි සලනා

තාත්තා මහා පර්වතයක් වැනිය අව්ව වැස්ස සුළග නොතකයි. තාත්තා විදින අව්ව නමැති දුක් ගැහැට තම දරුවන්ටද වීදීමට සිදුවෙතැයි සිතන තාත්තා, තම දරුවන්ගේ අනාගතය ශක්තිමත් කිරිමට තම ජීවිතය දරුවන්ගේ සතුට වෙනුවෙන් කැප කරමින් සියළු දුක දරා ගනමින් දරුවන්ගේ දුකේදී මෙන්ම සැපේදී තුටු කදුලු සලයි.

තුරු හිස මුදුනේ මල් පලදා
කැකුළු මුවට පලවැල නෙළුවා
ඒ දඬු මං බැඳ සත්කුළු පව් බිඳ
සිදාදියට එන මං තැනුවා

දරුවන්ගේ ජීවිත ලස්සන කරන තාත්තා හැමවිටම දරුවන්ගේ කුස පිරවීමට උත්සාහ ගනියි. තම ගත විරිය යොදවමින් දරුවන් ඉදිරියේ ඇති බාධක නිතරම බිද දැමීමට තාත්තා කෙනෙකු දරණ උත්සාහය කුමාර ලියනගේ පද රචකයා විසින් හරි අපූරුවට මෙසේ ගලපා ඇත “ඒ දඬු මං බැඳ සත්කුළු පව් බිඳ
සිදාදියට එන මං තැනුවා” දරුවන් ඉදිරියේ ඇති මහා පර්වත වැනි භාදක බිද දමා දරුවන්ගේ ඉදිරි අනාගතය සාර්ථක කිරීමට පියවරුන් ගන්නා අන් කවුරුත් නොදකින උත්සාහය දරුවෙකුගේ සිතුවිල්ලෙන් මෙසේ රචනා කරන මෙම ගීතය රෝහණ ධර්මකීර්තිගේ සංගීතයට කරුණාරත්න දිවුල්ගනේ අපූරුවට හඩ මුසු කරයි.

ගීතයට සවන් දෙන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *