ගැලුවා කදුළු දෙනෙතින් මට නොදැනීම

මහ කළු ගලට කුළු ගෙඩියෙන් තලලාම
අපමණ දුකක් වින්දා නුඹ නොකියාම
පිය සෙනෙහස විසල් බව සක්වල සේම
දැනුනා මටත් පිය පදවිය ලද දාම

මිරිවැඩි නොමැති පය පොලවේ ගැටිලාම
දරු කුස පුරවමින් කුස ගිණි දරලාම
ගිණියම් අවුවෙ දවසෙම වැඩ කරලාම
නුඹෙ ගත වැහැරිලා බෝ දුක් විදලාම

අපගේ සතුට මිස නුඹ ගැන නොතකාම
ඔබ වැඩ කළා අපහට දුක් නොතියාම
ඉපසුවෙ ඇයිද ජීවිතෙ දුක් හැමදාම
ගැලුවා කදුළු දෙනෙතින් මට නොදැනීම

One thought on “ගැලුවා කදුළු දෙනෙතින් මට නොදැනීම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *