සද දෙස බලා සැනසෙන්නම් විරාමෙක

පුන්සද වැහි වලා ඇවිදින් වසාගෙන
කාලය ගිහින් සද අවරට ගසාගෙන
සද එන තුරා සිටියත් නෙතු අයාගෙන
සද නැති නිසා සිත ඇත ඉකි ගසාගෙන

අහසට පොලව සේ අපි මේ සංසාරේ
සිටියා වෙන්න ඇති උපදින හැම වාරේ
හදවත පුරා සෙනෙහස ගලනා දෝරේ
රිදුමක් ලෙසින් නෙත් යුග කදුලින් බේරේ

පැතුවේ නැතත් කළුවර වූ අමාවක
පුරහද නොම එවයි දෙවියෝ වලාහක
සුවිසල් අහසෙ සද නැග ඇති වෙලාවක
සද දෙස බලා සැනසෙන්නම් විරාමෙක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *